බුද්ධ ජයන්ති ත්‍රිපිටක මුල් මුද්‍රණයේ සිංහල පරිවර්තනයේ පාළි වචන කෙටියෙන් ලියා ඇත. උදාහරණ වශයෙන් වේදනාව හෝ ඕඝ වැනි පාළි වචන සිංහල පරිවර්තනයේ ලියා ඇත්තේ වෙදනාව සහ ඔඝ ලෙසයි. නමුත් අප විසින් මේ පොත්වල අන්තර්ගතය යතුරුලියනය කර මෘදුකාංග, වෙබ්අඩවි සහ මුද්‍රණය කිරීම සදහා සකස් කිරීමේදී ඒවා සාමාන්‍ය සිංහල භාෂාවේ භාවිතා වන එමෙන්ම ශබ්ද කරන ආකාරය වන වේදනාව සහ ඕඝ ලෙස ලියන ලදී.
අලුතින් මුද්‍රණය කරන බොහෝ පාලි පොත්පත්වල ද පාලි පාඨ පවා බොහෝ විට කල් ලකුණු සහිතව දීර්ඝ ලෙස යතුරුලියනය කර මුද්‍රණය කර තිබෙනු දක්නට ලැබේ. බොහෝ දෙනෙක් පාලි පිරිත් ආදිය නිවැරැදිව උච්චාරණය කිරීමට දක්ෂ නොවීම මෙසේ මුද්‍රණය කිරීමට හේතුවයි.
එසේ වුවත් බුද්ධ ජයන්ති ත්‍රිපිටකය පාලි කොටස කිසිදු වෙනසක් සිදු නොකර දැනට මුල්මුද්‍රණයේ මුද්‍රණය කර ඇති ආකාරයටම යතුරුලියනය කර ඇත. එනම් හල් අකුරු රහිතව බැඳි අකුරු ලෙසයි.
නමුත් සිංහල පරිවර්තනයේ ඇති පාලි වචන හා පාලි වචන වලින් බිඳී ආ සිංහල වචන සඳහා පමණක් හල් අකුරු භාවිතා කර දීර්ඝ ලෙස උච්චාරණය පහසු වන පරිදි යතුරුලියනය කර ඇත.
එහිදී ඒ අකුරු දීර්ඝ කරන ලද වචන ලැයිස්තුවක් (අප විසින් භාවිතා කරන ලද වචන ලැයිස්තුව) පහත google ශීට් එකේ දක්වා ඇත.